
App Screenshot
App Introduction
The description of Hapan SuperKids App★ දැනුමෙන් දිනන දඟයන් වෙනුවෙන්, විනෝදයෙන් දැනුම ලබාගන්නට හැකි ආකාරයෙන් Hapan SuperKids නිමවී තිබේ. දරුවා වෙහෙසට පත් නොකර, උද්යෝගීමත්ව ඉගෙනුම් කටයුතු සිදු කරගන්නට මග පෙන්වීම මෙහි අරමුණයි.★ Hapan SuperKids විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ 3,4,5 ශ්‍රේණි වල ඉගෙනුම ලබන, වයස අවුරුදු 8ත් 10ත් අතර දරුවන් වෙනුවෙන්මයි.★ 5 ශිෂ්‍යත්වයට අදාළව විෂය නිර්දේශයට අනුකූලව සැකසූ ගණිතය, පරිසරය, සිංහල, ඉංග්‍රීසි හා දෙමළ ගැටළු ඇතුලත් බුද්ධි පරීක්ෂණ කට්ටල රැසක් Hapan Superkids හි අන්තර්ගතයි.★ දරුවාගේ දක්ෂතා හා දුර්වලතා විශයයන්ට අදාලව හඳුනාගෙන, දුර්වල විශයයන් වැඩිදුරටත් ප්‍රගුණ කිරීමට Hapan SuperKids මගින් දරුවාට මග පෙන්වනු ලබයි.Hapan SuperKids හි විශේෂතා :➤ 3, 4, 5 ශ්‍රේණිවල විෂය නිර්දේශවලට අනුකූල වන ලෙස විශේෂයෙන් සකසා ඇත.➤ ගණිතය, සිංහල, පරිසරය හා ඉංග්‍රීසි විශයයන් වෙන වෙනම වැඩිදුර ප්‍රගුණ කරගැනීමට අවස්ථාව ලබාදෙයි.➤ බහුවරණ ප්‍රශ්න ආකෘතියට ප්‍රශ්න සකසා ඇත.➤ ප්‍රශ්න පත්‍ර කට්ටල ලෙසින් පරිහරණය කළ හැකියි.➤ සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම දරුවාට හිමි ලකුණු ගණන ලබාදේ.➤ ප්‍රශ්න පත්‍රය සඳහා දරුවාට වැයවන කාලය මැනගත හැකියි.➤ එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා වෙන වෙනම ලකුණු බලාගත හැකි ප්‍රගති වාර්තා සටහනක් සහිතයි.➤ ඔබේ දරුවාගේ දක්ෂතාවයන් හා දුර්වලතාවයන් ඔබට නිවසේදීම පරීක්ෂා කරගත හැකියි.නවතම වැඩිදියුණු වීම් :- අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලව නිර්මාණය වුනු නවතම මුහුණුවර.- නවතම විශය නිර්දේශයන්ට අනුව බහුවරණ ප්‍රශ්ණ තුනක් පමණක් ඇතුළත් කර ඇත.- ප්‍රශ්ණ පත්‍රයටම අදාලව හෝ ප්රශ්ණයෙන් ප්‍රශ්ණයට අදාලව වේලාව සැකසිය හැකි නවතම සැකසුම් තිරය.- ඕනෑම වේලාවක අහඹු ප්‍රශ්ණ 20 ක් තෝරාගෙන පුහුණුවිය හැකි Model Paper විශේෂාංගය.